Wednesday, May 15, 2024

General line - 0115112241

හිටපු ජනපති මෛත්‍රී යළි දේශපාලනයට




තමන් නැවතත් දේශපාලන කරලියට පිවිසෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු පළමුවරට අද (30) සිය උපන් ගම වන පොලොන්නරුවට පැමිණි අවස්ථාවේදීයි. හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබුණා. මේ, එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පලාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ, එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර.