Tuesday, May 14, 2024

General line - 0115112241

ජනපතිට ඉන්දියාවේදී එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරෙකු හමු වෙයි




ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) එරට රාජ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග ආමත්‍ය වී කේ සිං හමු වුණා. ඔවුන් දෙදෙනා හමුදාවේ මාණ්ඩලික නිලධාරින් ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ, එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම හමුවට ඔවුන් සමග පුහුණුව ලැබූ වර්තමානයේ විශ්‍රාම ගොස් සිටින තවත් හමුදා නිලධාරීන් 15 දෙනෙකු පමණ එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිලධාරීන් සමග සුහද පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.