Wednesday, May 15, 2024

General line - 0115112241

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 91 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත




නායයෑම් තත්ත්වයක් හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 91 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ දිවයින පුරා පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි. උතුරු, උතුරුමැද, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත, බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලු සෙසු ප්‍රදේශවලට මිලි මීටර 100 ක තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.