Tuesday, May 14, 2024

General line - 0115112241

අපරාධ කල්ලි දෙකක සාමාජිකයි 06ක් STF අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධ කල්ලි 2 ක සාමාජිකයින් 06 දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අද (30) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හංවැල්ල, ඇඹුල්ගම සහ ජල්තර ඇතුළු ප්‍රදේශවල ක්‍රියාත්මක කළ වැටලීම්වලදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, වැලි ජාවාරම් වැනි සිද්ධිවලට සම්බන්ධ අය බවයි පොලිසිය පැවසුවේ. මෙම සැකකරුවන් අංගොඩ ලොක්කා සහ ඌරු ජුවා යන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආධාරකරුවන් ලෙස කටයුතු කර තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක්, කේරළ ගංජා සහ හෙරොයින් තොගයක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.