Saturday, May 11, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ ජාතික කී‍්‍රඩාව සාග් කී‍්‍රඩා උළෙලේදී ඇද වැටේ




නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් දැඩි පසුබෑමකට ලක්ව සිටිනවා.

ඉකුත් දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ රිදී පදක්කම් ලබාගත් එම කණ්ඩායම් 02 ට මෙවර සිදුව ඇත්තේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමටයි.

කියුබානු වොලිබෝල් පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් සිදුකළ ශ‍්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම් මෙවන් පසුබෑමකට ලක්වීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් සිය ගෞරවය රැකගැනීම සඳහා අද (02) ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

ඒ අනුව ශී‍්‍ර ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අද තරග වදින අතර ශී‍්‍ර ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම ලෝකඩ පදක්කම වෙනුවෙන් මාලදිවයිනට එරෙහිව අද තරග වදිනු ඇති.