Friday, May 17, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය කොන්සවේටිව් පක්‍ෂයේ මැතිවරණ පොරොන්දුවට එරෙහිව ශී‍්‍ර ලංකා රජය ප‍්‍රතිචාර දක්වයි





ශී‍්‍ර ලංකාව දෙකඩ කරන ආකාරයෙන් බි‍්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් පක්‍ෂය ඉදිරිපත් කර ඇති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කිසිදු ලෙසකින් පිළිගත නොහැකි බව එක්සත් රාජධානියේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් මනීෂා ගුණසේකර පවසනවා.

බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්‍ෂය වෙත ලිපියක් යොමු කරමින් ඇය මේ බව කියා සිටියා.

කොන්සර්වේටිව් පක්‍ෂය විසින් එළිදක්වා ඇති මැතිවරණ ප‍්‍රකාශය තුළ දැක්වෙන්නේ ශී‍්‍ර ලංකාවට රාජ්‍ය දෙකක විසදුමක් ලබාදිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.