Friday, May 17, 2024

General line - 0115112241

එජාපයට දුන්න උපදෙස් ගැන අස්ගිරි පාර්ශ්වයෙන් යළි මතක් කිරීමක්




ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැරගත් බව කියන සිද්ධියේදී එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් රට වෙනුවෙන් පෙනී නොසිට විදේශීය කණ්ඩායම් වෙනුවෙන් සහය දක්වන ප‍්‍රකාශ සිදුකිරීම අනුමත කළ නොහැකි බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

මෙවැනි සිදුවීම් තුළින් එක්සත් ජාතික පක්‍ෂය බෞද්ධ ඡන්ද පදනම යළි ආකර්ශනය කර ගැනීමට දරණ උත්සාහයන් සාර්ථක වේ දැයි සැක මතුවන බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.

අස්ගිරි පාර්ශ්වය මීට පෙර පැවති අඩුපාඩු සකස් කර ගන්නා ලෙස ඉකුත් ආණ්ඩුවට උපදෙස් ලබාදුන් බවද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පැවසුවා.