Saturday, May 11, 2024

General line - 0115112241

වැලි පස් හා මැටි ප‍්‍රවාහනයේ සීමා ලිහිල් කළ හේතුව ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්




වැලි, පස් හා මැටි ප‍්‍රවාහනය සඳහා පැවති සීමා ලිහිල් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ තාවකාලික පදනමකින් බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ නිරත පිරිස්වල ඉල්ලීමක් සළකා බලමින් මෙම තීරණය ගෙන ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ.

එම තීරණය දිගුකාලීනව කි‍්‍රයාත්මක කරනවාද යන්න පසුවිපරමක් සිදුකර ඉදිරියේදී තීරණය කරන බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර පාසල් නිල ඇදුම් නොමිලේ ලබාදීමේ වැඩසටහන වව්චර් ක‍්‍රමය යටතේ තවදුරටත් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කෙරුණු බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙහිදී කියාසිටියේ.

මේ අතර ඉකුත්දා සිදු කෙරුණු බදු සංශෝධන අනුව දුම්වැටි සහ මත්පැන් මිල ගණන් අඩු නොවන බවද සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී කියාසිටියා.