Sunday, May 12, 2024

General line - 0115112241

සියළුම ගුරු විද්‍යා පීඨ විශ්ව විද්‍යාල පීඨ තත්ත්වයට උසස් කිරීමට කැබිනට් අනුමැතිය




සියලූම ගුරු විද්‍යා පීඨ, විශ්ව විද්‍යාල විද්‍යා පීඨ බවට පත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ගුරුවරුන් සදහා උපාධි සුදුසුකම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

එම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සදහා ශාස්තී‍්‍රය හා නෛතිකමය කාර්යයන් ඉටු කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍ර නියෝජනය වන පරිදි විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.