Monday, May 13, 2024

General line - 0115112241

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි




අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට නොබෝ වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

උදෑසන 09 යි 40 ට පමණ කොමිසම වෙත පැමිණි කාදිනල් හිමිපාණන් පැය 04 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදුන් බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අගරදගුරු හිමියන් අද මෙලෙස අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේ දෙවන දිනටයි.

ඊයේ (06) දිනයේද පැය 04 ක පමණ කාලයක් අගරදගුරු හිමියන් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.