Sunday, May 12, 2024

General line - 0115112241

නව වසර වෙනුවෙන් රටට සෙත් පතන නෙත් එෆ් එම් මිරිසවැටි සෑ රද වන්දනාව සාධුකාර මැද ඇරඹෙයි




එළඹෙන නව වසර රටට සහ රණවිරුවන් ඇතුළු සියලු ජනතාවට යහපත් වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන මිරිසවැටිය සෑ රද වන්දනා පිංකම අද (07) පස්වරුවේ ආරම්භ වුණා.

මෙහි සියලු කටයුතු සිදු කෙරුණේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සංවිධාන ශක්තියෙන්. මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අද පස්වරුවේ ආරම්භ වුණු මෙම පිංකමට යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නෙත් එෆ් එම් රේඩියෝවේ සභාපති නිහාල් සෙනෙවිරත්න ඈපා ද එක්ව සිටියා.

මිරිසවැටිය සෑ රද වන්දනා පිංකමේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තා, නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.