Saturday, May 11, 2024

General line - 0115112241

කාදිනල් හිමියන්ගෙන් අදත් ජනපති කොමිසමට පැය 03 ක ප්‍රකාශයක්




කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ දෙවන දිනටත් අද (07) පැය 03 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදුන්නා. උන්වහන්සේ සාක්ෂි ලබා දීමට එම කොමිසමට පැමිණියේ අද පෙරවරු 09.30 ට පමණයි. කොමිසම හමුවේ උන්වහන්සේ ඊයේ දිනයේ ද පැය 04 කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නා. අද සාක්ෂි ලබා දීමෙන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන මෙම ජනාධිපති කොමිසම පිළිබඳ තමන්ට විශ්වාසයක් ඇති බවයි.