Sunday, May 19, 2024

General line - 0115112241

මහ මැතිවරණයේ අපේක්ෂකයින්ට වියදම් සීමා පැනවීමේ නීතිය කඩිනම් කරන්නැයි ඉල්ලීමක්




ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, ඊට තරඟ වදින අපේක්ෂකයින් සඳහා වියදම් සීමා පැනවීමේ නීතිය කඩිනමින් සම්මත කළ යුතු බව පැෆරල් සංවිධානය පවසනවා. කෙසේවෙතත් ඒ සඳහා කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ ද අනුමැතිය හිමි විය යුතු බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපේක්ෂකයෙකුට වියදම් සිමා කිරීමේ නිතිය ගෙන එන්න කියා අපි ඉල්ලා සිටිනවා. මේ කෙටුම්පත සඳහා මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. එය යලිත් කැබිනට් මණ්ඩලයේ සහ ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ඊට හිමිවිය යුතුයි. එමෙන්ම වසර දෙකක කාලයක් ප්‍රමාදයට පත්ව තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදන්න කියා අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවයි මෙහිදී පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.