Tuesday, May 14, 2024

General line - 0115112241

ජනාධිපතිගේ පුර්වාදර්ශය ඇමතිවරයෙක් පිළිපැද්ද අයුරු (PHOTOS)




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් ආදර්ශය ක්‍රියාවට නංවමින් තවත් රජයේ ඇමතිවරයෙක් කටුනායක ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තය හරහා විදෙස් ගතවූ පුවතක් වාර්තා වනවා.

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක අද (08) අලුයම නේපාලයේ කත්මන්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා. ඒ මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය දරන ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල ධජය රැගෙන ඒම සඳහායි.

රාජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් ප්‍රභූ පර්යන්තය ඔස්සේ විදෙස් ගතවීමේ හිමිකම දුමින්ද දිසානායක අමාත්‍යවරයාට තිබුනත් ඔහු සාමාන්‍ය මගියෙකු ලෙස සාමාන්‍ය මගී පර්යන්තයෙන් විදෙස් ගතවී තිබුණා.