Friday, May 17, 2024

General line - 0115112241

අලුත්ගම නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරුට කෘතිම රා ජාවාරම්කරුවන්ගෙන් ප්‍රහාරයක්




නෙත් නිවුස් අලුත්ගම ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාරට සහ ඔහුගේ බිරිඳට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ පස්වරුවේ අලුත්ගම දර්ගා නගරයේ පිහිටි සිය නිවසට පැමිණි කණ්ඩායමක් තමන්ට සහ බිරිඳට පහරදුන් බවයි තුසිත කුමාර නෙත් නිවුස් වෙත කියා සිටියේ. පහරකෑමට ලක්වූ නෙත් නිවුස් වාර්තාකරු තුසිත කුමාර සහ ඔහුගේ බිරිඳ මේවනවිට අලුත්ගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට පැමිණීල්ලක් ද  ඉදිරිපත් කර තිබෙනවා. 

ඉකුත් කාලසීමාව තුළ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන් කිහිපයක් මගින් තොරතුරු අනාවරණ කළ කෘතිම රා ජාවාරමකට සම්බන්ධ පිරිසක් මෙම පහරදීම සිදුකළ බවයි නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු තුසිත කුමාර පවසන්නේ. 

කෘතිම රා නිපදවන ස්ථාන කිහිපයක් ඉකුත් කාලසීමාවේදී පොලීසිය සහ විශේෂ කාර්යය බලකාය විසින් වටලා සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගනු ලැබුවා. එම ජාවාරම මැඩලීමට මෙන්ම එවැනි ජාවාරම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට එරෙහිව වන පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද වගකිව යුතු පාර්ශව ක්‍රියාත්මක විය යුතු බව නෙත් නිවුස් පෙන්වා දෙනවා.