Friday, May 17, 2024

General line - 0115112241

අලුත් තනතුරක් සඳහා රනිල්ට, එජාප පසුපෙළින් යෝජනාවක්




හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත්කර ගැනීම සඳහා එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඉදිරියේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පැවසුවේ. 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීන්දුව නත්තල් දිනට පෙර ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. ඒ පිළිබඳ සහ ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අදහස් පළ කළා.