Tuesday, May 14, 2024

General line - 0115112241

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී තනතුර පළමුවරට හමුදා නිලධාරියෙකුට




ජාතික බුද්ධි සේවයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි පත් කර තිබෙනවා. මීට පෙර එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනියුක්ත කර ඇත්තේ පොලිස් මූලස්ථානය වෙතයි. ඒ අනුව යුද හමුදා නිලධාරියෙකු, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත්වුණු පළමු අවස්ථාව ද මෙය වනවා.

ජාතික බුද්ධි සේවයේ නව අධ්‍යක්‍ෂ ධූරයට පත් බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි, 1987 වර්ෂයේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්ව තිබෙනවා. පසුව 1992 වර්ෂයේදී යුද හමුදා බුද්ධි අංශයට එක්වන ඔහු 1997 වසරේ සිට 2006 වසර දක්වා යුද හමුදා බුද්ධි ක්‍රියාන්විතයේ රාජකාරී සිදු කළා. බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි එවකට LTTE සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා 2006 වසරේදී යුරෝපය බලා පිටත්ව යන අතර ඔහු 2009 වසර දක්වා එම ක්‍රියාන්විතයේ නිතර වුණා. එහිදී LTTE සංවිධානයේ අවි ගනුදෙනු, ප්‍රචාරණ ඇතුළු රටට හානිදායක කරුණු රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ කර ගත් අතර ඒවාට එරෙහිව පියවර ගැනීමට ද බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි පියවර ගත්තා. 

පසුව 2009 වසරේදී යුද හමුදා විදේශ බුද්ධි ඒකකය ද බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි යටතට පැවරෙන අතර පසුව 2012 වසරේදී ඔහු යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ ලෙස පත් කෙරුණා.