Tuesday, May 14, 2024

General line - 0115112241

අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන දහසක්




මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ පිළිකා ඖෂධ 24 ක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන දහසක ප්‍රතිපාදන වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එම ඖෂධ මිල දී ගෙන ඉදිරි සතිය තුල මහරගම අපේක්ෂා රෝහල වෙත ලබාදීමට නියමිතයි.

ඉදිරි මාසයක කාලය තුල දී අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඖෂධ මිල දී ගැනීම් පිළිබදව අනුගමනය කරන ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීම කෙරෙහි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.