Friday, May 17, 2024

General line - 0115112241

ජනපති ඝාතනයට කුමන්ත්‍රණය කළ රිෆ්කාන් තවදුරටත් රදවා ගැනේ (PHOTOS)

ටෝනි කරුණානායක - මිනුවන්ගොඩ




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ ඔහුගේ සමීපතමයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සදහා පුද්ගලයින් පෙළඹවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සැකකරු ලබන වසරේ මාර්තු මස 4 වනදා දක්වා තවදුරටත් රදවා ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (16) අවසර හිමි වුණා.  අවසරය ලබාදුන්නේ මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකරයි.

මෙම සැකකරු වාලච්චේන, ඔට්ටමාවඩි, මිරාවුඞ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන හකීම් මොහොම්මුදු රිෆ්කාන් නමැත්තෙක්. සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය ජනවාරි 20 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කෙරුණා.