Friday, May 17, 2024

General line - 0115112241

තෙබුවන පොලීසිය අසල නොසන්සුන්තාවක්

සැම්සන් ප්‍රේමසිරි




කළුතර, තෙබුවන පොලිස් ස්ථානය ඉදිරිපිටදි අද (16) පස්වරුවේ නොසන්සුන්තාවක් ඇති වුණා. ඒ, රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමගයි.

අද උදෑසන තෙබුවන ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී පුද්ගලයෙකු මියගියා. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැබ් රථයේ රියදුරාටයි මෙලෙස පොලිස් ඇප ලබාදී ඇත්තේ.