Friday, May 17, 2024

General line - 0115112241

උතුරු ආණ්ඩුකාර ධූරයට තවත් නමක් - මුරලිදරන් බෑ කිව්වේ අයථා බාධා කිරීම් ගැන හේතුවක් මත




මේ දක්වා පුරප්පාඩු වී ඇති උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී. එස්. එම්. චාල්ස් පත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සඳහා මේ දිනවල සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාර ගන්නැයි හිටපු කි‍්‍රකට් කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන්ටද ආරාධනා කෙරුණු බව මීට පෙර වාර්තා වුණා.

එහෙත් දෙමළ ජාතික සන්ධානයෙන් සහ සෙසු පාර්ශ්වවලින් සිදුවිය හැකි අයථා බාධා කිරීම් පිළිබද සැකයෙන් මුරලිදරන් මෙන්ම තවත් කිහිප දෙනෙකුද උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා කෙරුණු ආරාධනා ප‍්‍රතික්‍ෂේප කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.