Friday, May 17, 2024

General line - 0115112241

ලබන 20 වනදා තෙක් වැසි තත්ත්වයේ වැඩි වීමක්




ලබන 20වනදා දක්වා දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ඊසාන දිග මෝසම් කාලගුණය සක්‍රිය වීම හේතුවෙන්. විශේෂයෙන් මෙම වැසි තත්ත්වය අපේක්ෂා කරන්නේ උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු මැද යන පළාත්වලටයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150ක තද වැසිද අපේක්ෂා කරන බවයි. සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලටයි නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රීක්කවලටත් තරමක තද වැසි ඇති විය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. තද වැසි ඇතිවන අවස්ථාවන්හීදි නායයෑම්, පහත් බිම් ජලයෙන් යට වීම සහ ගස් ගැලවී යාම සිදුවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.