Friday, May 17, 2024

General line - 0115112241

අලුත් නායකත්වයක් ගෙන්න රනිල් සූදානම්




නව නායකත්වයක් ඉදිරියට ගෙන ඒමට තමන් සුදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තමාට සෑමදාම නායකත්වයේ රැදී සිටීමට බලාපොරොත්තුවක් නොමැති බවත්, සියලු දෙනා එක්සත් වී වාද නොකර සැලැස්මක් ගෙන ආ යුතු බවත් ඔහු ප්‍රකාශ කළා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (17) පැවති සරසවි යොවුන් පෙරමුණේ ක්‍රියාකාරීන් අමතමින්.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද අද අදහස් පල කළා.

මේ අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් පවතින අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද මුණ ගැසුණා. මේ එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සහභාගී වී සිටියා.