Friday, May 17, 2024

General line - 0115112241

නිරෝගී පරපුරක් වෙනුවෙන් නෙත් නිවුස් කළ මෙහෙවරට සම්මානයක්




මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සහ නිරෝගී පරපුරක් බිහි කිරීම උදෙසා නෙත් නිවුස් සිදු කළ වාර්තාකරණය අද සම්මානයට පාත්‍ර වුණා. ඒ, අද (17) පැවති සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළලේදීයි. එහිදී නෙත් නිවුස් වෙනුවෙන් මෙම සම්මානය දිනා ගත්තේ නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සජිත් තරංග තිලකරත්නයි.

මෙම සම්මාන උලෙළ පැවැත්වුයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්.

රජයේ රෝහල්වලට ඖෂධ ලබා දිම වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 80ක් වැය කරන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.