Friday, May 17, 2024

General line - 0115112241

රැකියා විරහිත පනස් හතර දහසකට කඩිනමින් රැකියා




කිසිදු පක්ෂ භේදයකින් තොරව රැකියා විරහිත උපාධිධාරින් පනස් හතර දහසකට රැකියා ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ඒ අනුව සියළුම උපාධිධාරින්ට උපාධිය ලබා ගත් වර්ෂානුකූලව ක්‍රමවත් බඳවා ගැනීමේ පටිපාටියක් යටතේ රැකියා ලබා දෙන බවයි ඔහු කියා සිටියේ.

සුදුසුකම් යටතේ ග්‍රාමීය මට්ටමින් දිළිදු භාවය මුල්කරගෙන සුළු සේවකයින්ටද රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒ, අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ආන්දෝළනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පල කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැඩිදුරටත් පැවසුවේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ද සුභසාධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවයි.