Friday, May 17, 2024

General line - 0115112241

අත්අඩංගුවේදී මිය ගිය සැකකරුවෙකුගේ බිරිදකට වන්දි ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට නියෝග




ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වධ හිංසාවලට භාජනය වී මරණයට පත් වීමෙන් පොලිසිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළා. ඒ අනුව ඔහුගේ බිරිදට පෞද්ගලිකව රුපියල් දස ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ගෙවන ලෙසටයි පොලිස් නිලධාරීන් 07 දෙනෙකුට එහිදී නියෝග කර ඇත්තේ.

ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 250,000 ක් ද ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් 25,000 ක් ඇයට වන්දි ලෙස ගෙවීමට සිදුවනු ඇති. මීට අමතරව රජය විසින් ඇයට රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවිය යුතු බවටද අදාල නියෝගයේ සඳහන්.

ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සගවා ඇති ආයුධ පෙන්වීමට යැයි රැගෙන ගොස් මෙම පුද්ගලයා ඝාතණය කර ඇති බවටයි මියගිය පුද්ගලයාගේ බිරිද අදාල පෙත්සම ගොනු කර ඇත්තේ.

2010 වසරේදී වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය පොලිසියට රැගෙන ගිය සිය සැමියා ඉන් දින කිහිපයකට පසුව රෝහලකට ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහු මියගිය බව අදාල පෙත්සමේ සඳහන් කර තිබෙනවා.