Friday, May 17, 2024

General line - 0115112241

ස්විස් තානාපති සිද්ධියේ යටි අරමුණ ලගදීම එළියට




ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සිද්ධිය, ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් අද (17) දිනයේත් විවිධ අදහස් පළ වුණා. මේ, රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

අද පැවති මාධ්‍ය හමුවකදී සිංහලේ ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

මේ අතර ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මාලබේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනරැලියකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගෙන් ප්‍රශ්නයක් විමසීමට ගිය අවස්ථාවේ පහර කෑමට ලක්වූ තරුණයාට මරණ එල්ල වෙමින් ඇතැයි අද අනාවරණ කෙරුණා.

අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු කියා සිටියා. මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේ මවිබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයයි. මේ එහිදී අදහස් දැක්වූ විශ්‍රමික මෙජර් අජිත් ප්‍රසන්න.