Friday, May 17, 2024

General line - 0115112241

සජිත් සිය ස්ථාවරය ප්‍රකාශ කරයි




පක්‍ෂ නායකත්වය නොමැතිව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගැනීමට තමන් කිසි ලෙසකින්වත් සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසනවා.

තමන් කිසිඳු කොන්දේසියකට යටත්ව කටයුතු කිරීමට ඉදිරියේදී ද සූදානම් නොමැති බවයි ඔහු පවසන්නේ.

සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ ඊයේ (17) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින්.

ජනාධිපතිවරණ පරාජයෙන් මසකට පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පළමුවරට කොළොන්නාවේදී ඊයේ ජනහමුවකට එක්වුණා. ඒ, ගමින් ගමට ගොස් ජනතාව මුණ ගැසීමේ අරමුණින්. එහි තවත් ජන හමුවක් ලෙසයි පිටකෝට්ටේදී මෙම ජන හමුව පැවැත්වුණේ.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස වැඩි දුරටත් අදහස් පළ කර සිටියා.

කෙසේවෙතත් ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ ප‍්‍රකාශ කළේ පක්‍ෂ නායකත්වය මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවයි.