Friday, May 17, 2024

General line - 0115112241

බන්ධනාගාරගතව ඉන්න දෙපිරිසක් ගැන අනාවරණයක්




මේ වනවිට බන්ධනාගාරගත වී සිටින සැකකරුවන්ගෙන් සියයට 50කට වැඩි ප‍්‍රමාණයක් බන්ධනාගාර ගතවී ඇත්තේ මත්ද්‍රව්‍ය හේතුවෙන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. තෙන්නකෝන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දිවයින පුරා ඇති බන්ධනාගාර 30ක් තුළ මේ වනවිට සැකකරුවන් 16,000 ක් රඳවා සිටින බවයි.

ඔවුන්ගෙන් බහුතරය මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් රඳවා සිටින පිරිස බව ප‍්‍රකාශ කෙරුණා.

අධිකරණයෙන් වරදකරු වී බන්ධනාගාරගතව පුනරුත්ථාපනය ලැබූ පුද්ගලයෙකුට ඉන්පසුව රැකියාවක් ලබාගැනීමේදී පවතින අපහසුතා අවම කිරීම සඳහා පියවර ගන්නා බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. තෙන්නකෝන් මෙම අදහස් පළ කළේ බදුල්ලේ පැවති උත්සවයකදීයි.