Friday, May 17, 2024

General line - 0115112241

අනතුරකින් බන්ධනාගාර නියාමක මරුට - රැඳවියෙක් සහ නිලධාරීන් 02කට බරපතලයි

කාංචන කුමාර ආරියදාස




සීගිරිය, අව්ඩන්ගාව ප්‍රදේශයේදී බන්ධනාගාර වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් බන්ධනාගාර නියාමකවරයෙකු මියගොස් රැඳවියෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

අද (18) අළුයම බන්ධනාගාර රැදවියෙකු නඩු කටයුත්තක් සඳහා පල්ලකැලේ බන්ධනාගාරයේ සිට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් සිටියේදී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇති බන්ධනාගාර නියාමකවරයා උදයකුමාර ඒකනායක නැමැති  පල්ලකැලේ බන්ධනාගාරයට අනියුත්තව රාජකාරි කළ අයෙක්.

තුවාලකරුවන් දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.