Friday, May 17, 2024

General line - 0115112241

"සිංහල බෞද්ධයින්ට වාසි සහගත ලෙස ඉතිහාසය රචනා කිරීම වැරදියි" - විග්නේෂ්වරන්




උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ඊයේ (17) යාපනයේදී පවසා ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීමට තරම් බරපතල ප‍්‍රකාශයක් සිදු නොකල බවයි.

මහා වංශය වැනි ග‍්‍රන්ථ රචනා කිරීමේදී සිංහල බෞද්ධයින්ට වාසි සහගත ලෙස ඉතිහාසය රචනා කිරීම වැරදි බව ඔහු එහිදී ද ප‍්‍රකාශ කළ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මේ අතර උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් රටේ ජන විඥ්ඥානය තේරුම්ගෙන ප‍්‍රකාශ සිදුකළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ, මාලබේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.