Friday, May 17, 2024

General line - 0115112241

නාමල් කුමාර දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ් 




අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබුවා.

නිකවැරටිය, හෙට්ටිපොල ඇතුළු ස්ථාන කිහිපයක ඇතිවූ මහජන කැළඹීම් සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාරව වරකාපොල පොලිසියේදී අත්අඩංගුවට ගැනුණා. 

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයන් සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීම නිසා දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂකවරයා වූ නාමල් කුමාර පසුගිය රජය සමයේ මහත් ආන්දෝලනාත්මක චරිතයක් වුවා.