Friday, May 17, 2024

General line - 0115112241

ස්විස් සිද්ධිය ගැන සොයාබැලීමට එරට නිලධාරියෙකු දිවයිනට




මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස් පැහැරගත් බව කියන සිද්ධිය හා දැනට පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සිය රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරියෙකු මෙරටට පිටත්කර එවීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබෙනවා. 

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග පැවැති දුරකතන සංවාදයකදී ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය ඉග්නාසියෝ කාසිස් ඒ බව දැනුම් දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට හිටපු ස්විට්සර්ලන්ත තානාපතිවරයෙකු වන ජෝර්ග් ෆී‍්‍රඩන් මෙලෙස ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සඳහන් කළා. පළපුරුදු රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු වන ඔහු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා ශ‍්‍රී ලංකා රජය සමග එක්වී කටයුතු කරනු ඇති. 

සිය කාර්යය මණ්ඩලයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ඉතා වැදගත් බව හා ඉදිරි කටයුතුවලදී එම නිර්නායක ආරක්ෂා කරගැනීම ශී‍්‍ර ලංකාවේ වගකිම බව ද ස්ව්ටර්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. 

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස්ට සහ ඇගේ සැමියාට අයත් ජංගම දුරකතන 02 සහ සිම්කාඞ් පත් 02 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන්නැයි අධිකරණය ඊයේ නියෝගයක් ද නිකුත් කළා. 

ඇය ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් දා නියෝග කළේ.