Friday, May 17, 2024

General line - 0115112241

බදුල්ලට සහ අනුරාධපුරයට මහ වැස්සෙන් ආපදා - දිස්ති‍්‍රක් 05 කට නායයාම් අනතුරු ඇගවීම්




ඊයේ රාති‍්‍රයේ ඇදහැලූනු මහ වැසි හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වනවා. කලාඔයේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් තලාව තඹුත්තේගම ඉපලෝගම සහ ගල්නෑව ඇතුළු පහත්බිම්වල වෙසෙන ජනතාවට තාවකාලික ඉවත් වන ලෙයසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. 

මේ අතර ඊයේ රාති‍්‍රයේ ඇදහැලූනු වැසි සමග හමා ගිය තද සුළගකින් අනුරාධපුර නාච්චාදූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 42 කට හානි සිදුව තිබෙනවා. ඉන් නිවාස 14 කට පූර්ණ හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මේ අතර දියතලාව සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් ද ආපදා තත්ත්වයන් කිහිපයක් වාර්තා වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ සඳහන් කළේ. 

මේ අතර පවතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ති‍්‍රක් 05 කට නායයාම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

 අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තරමක තද වැසි අපේක්ෂා කළ හැකියි. 

නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම මාතර දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.