Friday, May 17, 2024

General line - 0115112241

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීම කල්යයි - පසුපෙළින් විරෝධය




ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකෙරෙන පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කල්මරමින් සිටින බවට එම පක්ෂයේ පසු පෙළ මන්තී‍්‍රවරුන් චෝදනා කරනවා. 

සැලසුම් සහගතව ඉදිරි මහමැතිවරණය සඳහා තරග නොකළහොත් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයේදී ලද පරාජයම අත්වනු ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පැවසුවේ. 

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දිනට පෙර කැඳවන ලෙස මන්තී‍්‍රවරුන් 26 දෙනෙකුගේ අත්සන් සහිතව පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලබාදීමට ද එම මන්තී‍්‍රවරුන් ඉකුත් දා කටයුතු කර තිබුණා. 

කෙසේවෙතත්, ඊට ද මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ වැඩිදුරටත් පැවසුවේ. 

කෙසේවෙතත්, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විදෙස්ගතවීමට පෙර ඉදිරි දින 02 තුළ මේ සඳහා අවසන් තීරණයක් ප‍්‍රකාශයට පත් කරනු ඇති බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ විශ්වාසය පළ කළා.