Friday, May 17, 2024

General line - 0115112241

මහවැලි ගගේ ජල මට්ටම ඉහළට




ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් මහවැලි ගඟ ධාරා ප්‍රදේශයට සහ ඊට සම්බන්ධ අතු ගංගාවල දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.

වැලිකන්ද, සේරුවිල, මුතූර්, කින්නියා, කන්තලේ, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන ජනතාව මහවැලි ගඟේ ජල මට්ටම පිළිබඳ විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මහවැලි ගගේ ජල මට්ටම මනම්පිටිය ජල මිනුම් ස්ථානයෙන් සුළු ගංවතුර තත්ත්වයක පවතින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.