Friday, May 17, 2024

General line - 0115112241

"පොර්ට් සිටි" ව්‍යාපෘතිය අත්හිටුවනවාද ? තීන්දුව ජනවාරි 17 වෙනිදා 




කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි කටයුතු අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ දිනය අද (20) අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කර සිටියා. ඒ අනුව එම පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව ලබන ජනවාරි 17 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද කැඳවනු ලැබුවා.

පාරිසරික නීති උල්ලංඝනය කරමින් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් දැඩි පාරිසරික හානියක් සිදුවන බව සඳහන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබෙනවා.

එබැවින් එම ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස රජයට නියෝග නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.