Friday, May 17, 2024

General line - 0115112241

CID අධ්‍යක්ෂක ධුරය යළි ඉල්ලා ශානි අබේසේකර ගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක් 




තමන්ට ලබා දුන් ස්ථාන මාරුවිම බලරහිත කරන්නැයි ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. 

තමාට ලබාදුන් ස්ථාන මාරුවීම අවලංගු කොට යලි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තනතුරට පත් කරන ලෙසත්, සිය මුලික අයිතිවාසිකම් කඩවීම හේතුවෙන් රජයෙන් රුපියල් මිලියන 10ක වන්දියක් ලබා දෙන ලෙසයි ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර තනතුර සදහා ජාතික පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත මාරුකර යවා තිබෙනවා.

නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින් ඇතුළු 17 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.