Tuesday, May 7, 2024

General line - 0115112241

රාජිතගේ සෞඛ්‍ය තත්වය නිරීක්ෂණයට බන්ධනාගාර රෝහලෙන් වෛද්‍යවරයෙක්




නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය තත්වය වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු විසින් අද (28) පරීක්ෂාවට ලක් කළා. ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ලබා දුන් නියෝගයකට අනුවයි.  

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමේ හැකියාවක් ඇත්ද යන්න සොයා බලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ අධිකාරිවරයා වෙත නියෝග කර ඇත්තේ. එම නියෝගයට අනුව වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු විසින් අද උදෑසන නාරාහේන්පිට ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහල වෙත ගොස් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා. 

මේ අතර, දේශපාලඥයින් කිහිප දෙනෙකු අදත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන අදහස් දැක්වූයේ මෙලෙසයි.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.