Tuesday, May 7, 2024

General line - 0115112241

ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්ථා උල්ලංඝණයක් බවට ප්‍රකාශයක්




ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සංවාදයක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අදත් විවිධ අදහස් පළ කළා. විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පෙන්වා දුන්නේ දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවයි.

ජාතික ගීය පිළිබඳ ගැටලුවක් හුවා දක්වමින් ජාතීන් අතර බේද ඇති කිරීමට ඇතැම් දෙමළ නායකයින් උත්සාහ දරන බවයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය චෝදනා කරන්නේ. මේ, එහි කැඳවුම්කරු නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත.

අදාළ ප්‍රකාශයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද නීතීඥ ප්‍රේම්නාත් සී දොළවත්ත වැඩිදුරටත් සඳහන් කළා.