සඳ මතට සිය අජටාකාෂගමින් යැවීමේ මෙහෙයුම මේ වන විට ආරම්භ කර ඇති බව ඉන්දියාව පවසනවා. ඉන්දිය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ "ගගන්යාන්" අභ්‍යවකාශ මෙහෙයුම හරහා සිදුකරනු ලබන මෙම මෙහෙයුම සඳහා දැනටමත් පුද්ගලයින් සිව්දෙනෙකු තෝරා ගෙන ඇති බවයි.
එලෙස තෝරා පත් කරගනු ලැබූ පුද්ගලයින් සිව්දෙනා ජනවාරි මාසයේ සිට සිය පුහුණු කිරීම් කටයුතු රුසියාවේදී ආරම්භ කිරීමට නියමිත බවයි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධානි කේ.සිවන් ප්‍රකාශ කර සිටියේ.
චන්ද්‍රයාන් - 3 සහ ගගන්යාන් අභ්‍යවකාශ මෙහෙයුම් මේ වන විට සාර්ථකව සිදුකරමින් පවතින බවයි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (01) කියා සිටියේ.
සඳේ අදුරුම කොටස නිරීක්ෂණය කිරීමේ අරමුණින් අභ්‍යවකාශ ගත කළ වික්‍රම් මොඩියුලය කඩා වැටීමෙන් අනතුරුව එය සඳේ පතිත වු ස්ථානය සොයා ගැනීමට දායක වූ චෙන්නායි හි පිහිටි තාක්ෂණික නිලධාරියාට තමන් ස්තුතිය පළකරන බවයි මෙහිදී ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේ.