Friday, March 29, 2024

General line - 0115112241

ජනපතිගේ ඇමතුම කළ වෙනස (PHOTOS)




කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිස් රෝහලේ ගේට්ටුව අසලදී මුහුණ දෙන දුෂ්කරතා වළක්වාලීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් උපදෙස් අනුව මේ වනවිට එහි අව් ආවරණයක් සකස් කර තිබෙනවා. 

නේවාසික රෝගීන් බැලීම සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට පැමිණෙන පිරිස්වලට නියමිත වේලාව එළඹෙන තෙක් ගේට්ටුව අසල අව් රශ්මියේ සිටගෙන සිටීමට සිදුවන බවයි ඒ අසළින් ගමන් කළ අතරවාරයේයි ජනාධිපතිවරයා නිරීක්‍ෂණය කර තිබුණේ.

වැසි සහිත අවස්ථාවක නම් ඔවුන් තවත් පීඩාවට පත්වන බවද ජනාධිපතිවරයා නිරීක්‍ෂණය කර තිබුණා.

නේවාසික රෝගීන් බැලීම සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට පැමිණෙන පිරිස් මුහුණ දෙන මෙම දුෂ්කරතා වළක්වාලීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නේ ඒ අනුවයි.

පසුව දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිද කළුබෝවිල ශික්‍ෂණ රෝහල වෙත පැමිණ ඒ පිළිබද සොයා බැලූවා. නව අව් ආවරණය සකස් කර ඇත්තේ ඉන් පසුවයි.

කෙසේවෙතත් නේවාසික රෝගීන් බැලීම සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට පැමිණෙන පිරිස්වලට නියමිත වේලාව එළඹෙන තෙක් රැඳී සිටිමට සිදුවන්නේ පදික වේදිකාවේ බැවින් එහි බංකු සවි කිරීමට නොහැකි වී තිබෙනවා. 

ඒ අනුව මෙම පිරිස් තවදුරටත් පත්වෙන අපහසුතා සළකා බලා අපහසුතා ඇති අයට නියමිත වේලාව එළඹෙන තෙක් රෝහලේ බාහිර රෝගී අංශයේ අසුන්ගෙන සිටීමට අවස්ථාව සලසා දෙන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.