Thursday, May 16, 2024

General line - 0115112241

අමෙරිකාවට වැරදි ගිය ඉලක්කය (PHOTOS)




ඉරානයේ හමුදා ප්‍රධානියෙක් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව සිදුකළ රහසිගත මෙහෙයුමක් අසාර්ථකවී ඇති බව වාර්තා වනවා.

ඉරාකයේ බැග්ඩෑග් හිදී ඉරාන විප්ලවීය හමුදා ප්‍රධානි මේජර් ජනරාල් කාසෙම් සුලේයිමානි ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ දිනයේදීම අමෙරිකාව විසින් තවත් ඉරාන හමුදා ප්‍රධානියෙක් ඉලක්ක කර ගනිමින් යේමනයේ දී මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන විප්ලවීය හමුදාවේ කුඩ්ස් රෙජිමේන්තුවේ මුල්‍ය ප්‍රධානි මෙන්ම ප්‍රභල නිලධාරියෙක් වන Abdul Reza Shahlai ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් මෙම ප්‍රහාරය යේමනයේදී දියත් කර ඇත.

කෙසේ වුවත් එම ප්‍රහාරයෙන් ඔහු මියගොස් ඇත්ද යන්න මේ දක්වා සනාථ වී නොමැත.

ඉරාකයේ හා යේමනයේ සිදුකළ යුධ මෙහෙයුම් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදුන් සෘජු අණදිම් මත සිදුවුවක් බවයි පෙන්ටගනයේ ජේෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මැද පෙරදිග රැදී සිටින අමෙරිකානු භටයින් ඉලක්ක කර ගනිමින් ඉරානයේ විප්ලවීය හමුදාව විසින් සිදුකරනු ලබන ප්‍රහාර හේතුවෙන් එහි ඉහළ නායකත්වය ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම් සිදු කිරීමට ජනාධිපති ට්‍රම්ප් විසින් අණ ලබා දෙන්නට ඇති බවයි වාර්තා වන්නේ.

යේමනයේදී අමෙරිකාව විසින් ඉලක්ක කරනු ලැබූ Abdul Reza Shahlai ගේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ලබා දෙන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මිට පෙර නිවේදනය කර සිටියා.