Thursday, May 16, 2024

General line - 0115112241

අරාබියේ වැඩිම කලක් රාජ්‍ය පාලනය කළ නායකයා අභාවප‍්‍රාප්ත වෙයි




අරාබි කලාපයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලනය දැරූ පුද්ගලයා ලෙස නම්දරා සිටි  ඕමානයේ සුල්තාන් කබූස් බින් සායිඞ් අභාවප‍්‍රාප්ත වුණා.

 මියයන විට ඔහුගේ වයස අවුරුදු 79 ක්. විදෙස් වාර්තා පවසන්නේ සුල්තාන් කබූස් බින් සායිඞ් පිළිකා රෝගී තත්ත්වයකින් පීඩාවිඳි බවයි.

ඔහු විවාහ වී නොමැති බැවින්  ඕමානයේ මීලග නායකයා මෙතෙක් තෝරා පත්කර ගෙන නැහැ.

කෙසේවෙතත්, සුල්තාන් කබූස් බින් සායිඞ්ගේ අභාවයත් සමග  ඕමානය දින 03 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

සුල්තාන් කබූස් බින් සායිඞ් 1970 දි  ඕමානයේ බලයට පත්වූයේ බි‍්‍රතාන්‍යයේද සහය ඇතිව කි‍්‍රයාත්මක කළ කුමන්ත‍්‍රණයකින් සිය පියාව රාජ්‍ය පාලනයෙන් නෙරපා හැරීමෙන් අනතුරුවයි.

පසුව ඔහු එරට ඛනිජ සම්පත හරහා රට සංවර්ධනය කරා රැගෙන ආවා.