Tuesday, May 14, 2024

General line - 0115112241

ඩුබායි නගරයට තද වැසි - ගුවන් ගමන්වලටත් බාධා එල්ල වන ලකුණු




ඩුබායි රාජ්‍යයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් සිදු විය හැකි බව ඩුබායි ජාත්‍යාන්තර ගුවන් තොටුපළ නිවේදනය කර තිබෙනවා. ජල ගැලීම් හේතුවෙන් ඩුබායි නගරයේ නිවාස සහ මාර්ග රැසක් ද ජලයෙන් යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජල ගැලීම් නොතකා ධාවනය කළ බොහෝ රථවාහන අතරමග කාර්මික දෝෂ හේතුවෙන් නතර වී තිබෙනවා. මේ හේතුවෙන් ඩුබායි නගරයේ අධික රථ වාහන තදබදයක් ද ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. පැයට මිලි මීටර් 150 කට අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝ මීටර් 65 ඉක්මවූ තද සුළං ද ඩුබායි නගරයෙන් වාර්තා වනවා.