Monday, May 13, 2024

General line - 0115112241

පැය 48කින් කොරෝනා රෝගීන් වෙනුවෙන් සැකසු පළමු රෝහල් විවෘත කෙරේ (PHOTOS)




චීනයේ කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් වෙනුවෙන් ඉදිකළ පළමු රෝහල අද විවෘත කළ බව එරට මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම රෝහල සැකසීම සඳහා ඔවුන්ට ගතව තිබුනේ පැය 48 කට ආසන්න කාලයක්.

නව කොරෝනා වෛරසය පළමුවෙන්ම වාර්තා වූ වුහාන් නගරයට ආසන්නයෙන් පිහිටි Huangzhou දිස්ත්‍රික්කයේ පිහිටි මෙම රෝහල තුල රෝගීන් දහසකට ප්‍රතිකාර කිරිමට හැකි බවයි චීන බලධාරින් සඳහන් කර සිටින්නේ.

Huangzhou දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙනව Huanggang මධ්‍යම රෝහල වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදි කොට තිබු අතර එය ලබන මැයි මාසයේදී විවෘත කිරිමට නියමිතව තිබුණා.

නව කොරෝනා වෛරසය සිඝ්‍රයෙන් පැතිරි යාමත් සමග රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරිමට ඉඩකඩ ඇති රෝහලක් අලුතින් සැකසීමට චීන බලධාරීන්ට සිදුවිය.

ඒ අනුව ස්වේච්ජා සේවකයින්, කොන්ත්‍රාත් සමාගම් සේවකයින්, ආරක්ෂක අංශ, අත්‍යාවශ්‍ය සේවා සපයන නිලධාරින් ඇතුළු සමස්තයක් වශයෙන් 500 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහලේ සියලු වැඩකටයුතු දින 02ක් තුලදී අවසන් කිරිමට හැකිවූ බවයි ප්‍රාන්ත රජය ප්‍රකාශ කර සිටියේ.

රෝහලට අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, රෝගීන්ට අවශ්‍ය ඇඳන්, ජලය, විදුලිය ඇතුළු අංග සම්පුර්ණ රෝහලක් බවට පත් කිරිමට මෙම පිරිසට හැකියාව ලැබුණි.

මෙම රෝහල ඉදි කෙරුණ Huanggang දිස්ත්‍රික්කය කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත්ව සිටින අතර එහි මිලියන 7.5ක ජනතාවක් ජිවත්ව සිටියි.

මෙම Huanggang දිස්ත්‍රික්කයද ඉකුත් බ්‍රහස්පතින්දා සිට පිටස්තර ජනතාවට වසා දමා තිබෙනවා. 

මෙම රෝහලට අමතරව වුහාන් නගරයේද නව රෝහලක් ඉදි කෙරමින් පවතිනවා. එම රෝහල සමග තවත් රෝහල් තුනක් ඉදි කිරිමට චීන බලධාරින් මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.

Huanggang ප්‍රාන්තයේ ඉදිකල නව රෝහල සඳහා අද සිට රෝගීන් ඇතුලත් කිරිම සිදු කිරිමට නියමිතයි.