Monday, May 13, 2024

General line - 0115112241

ලන්ඩනය කැළඹූ සැකකරු හඳුනා ගැනේ




ලන්ඩන් නුවර දකුණු දිග ප‍්‍රදේශයේ සිදුවූ පිහි ඇනුමට සම්බන්ධ සැකකරු ත‍්‍රස්ත කි‍්‍රයාවලට සම්බන්ධ පුද්ගලයෙකු බව අනාවරණ වී තිබෙනවා. 

20 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (02) සිදු කළ තියුණු ආයුධ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලැබුවා.

ඔහු මෙම ප‍්‍රහාරය එල්ල කර තිබුණේ ත‍්‍රස්තවාදයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත සිරදඩුවම් නියමවී නිදහස් වී පැමිණ සතියක් තුළ බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ත‍්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට කි‍්‍රයාත්මක ක‍්‍රමවේදය මෙම සිද්ධියත් සමග වෙනස් කිරීමටද බි‍්‍රතාන්‍ය රජයේ අවධානය යොමුවී තිබෙනවා.