Sunday, May 12, 2024

General line - 0115112241

කොරෝනා නිසා සුපිරි නැවක රැඳවුම් කඳවුරක් : Cathay Pacific ගුවන් සමාගම සිය සේවකයින්ට වැටුප් රහිතව නිවාඩු යන්න කියයි (PHOTOS)




ජපානයේ නැංගුරම්ලා තිබෙන " Diamond Princess" නම් සුඛෝපභෝගී මගී නෞකාව පාවෙන රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ එම සුඛෝපභෝගී මගී නෞකාවේ සිටි පුද්ගලයින් 10 දෙනෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මේ නෞකාවේ මගින් 3711ක් සිටින අතර කාර්ය මණ්ඩලය සමග මුළු පිරිස 4000 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. 

මෙම නෞකාවේ ගමන් ගත් 81 හැවිරිදි පුද්ගලයෙක් හොංකොං හිදී නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග ජපානයට පැමිණි මගී නෞකාවේ සියලු දෙනාම විශේෂ පරික්ෂාවකට ලක් කිරිමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවා.

මේ දක්වා සිදුකරනු ලැබූ පරීක්ෂණ වලදී මගින් ගෙන් 10 දෙනෙක් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඊට අමතරව තවත් මගින් 242 දෙනෙක් ගේ සාම්පල් වැඩිදුර පරික්ෂා කිරීමට සිදුව ඇති බවයි ජපාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් නෞකාවේ සිටින සියලුම මගීන්ට තමන්ගේ කාමර තුලට සිටින ලෙස ජපාන සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇති අතර තවත් දින 14ක් යන තුරු ඔවුන්ට නෞකාවෙන් පිටවීමට ඉඩ නොදෙන බවට ප්‍රකාශ කර ඇත.

ඇතිවී තිබෙන මෙම තත්ත්වය මත සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරය කිරීමට පැමිණි සංචාරකයින්ට මේ වන විට ආහාර පවා ලබාදීම සිදුකරන්නේ සළාක ක්‍රමයට බවයි එහි සිටින පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර හොංකොං Cathay Pacific ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Augustus Tang වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් සිය සමාගමේ 27,000ක් වන සේවක සේවිකාවන් ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ නව කොරෝනා වෛරසය පැතිරී යාමත් සමග ගුවන් සේවය මුහුණ දී ඇති අර්බුධකාරී වාතාවරණය හමුවේ සති තුනක කාලයක් වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා. පසුගිය මාස කිහිපයේදී හොංකොං රාජ්‍ය පුරා පැතිරී ගිය උද්ඝෝෂණ ව්‍යාපාර හේතුවෙන් Cathay Pacific ගුවන් සමාගම දැඩි අර්බුධකාරී වාතාවරණයකට මුහුණ දී සිටිය අතර මේ වන විට නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම නිසා එම තත්ත්වය උග්‍ර අතට පත්ව තිබෙනවා.

Cathay Pacific ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Augustus Tang සඳහන් කරන්නේ ගුවන් සමාගමේ ප්‍රධාන පුටුවේ සිටින ඉහලම නිලධාරියාගේ සිට පහලතම සේවකයා මේ වෙනුවෙන් කැපවීමට අවශ්‍ය බවයි.