Saturday, May 11, 2024

General line - 0115112241

ජපාන මුහුදේ රැදවූ සුපිරි නෞකාවෙන් කොරෝනා ආසාදිතයින් තවත් 41 දෙනෙක් සොයා ගැනේ




නිරෝදායන කටයුතු සදහා රඳවා සති 2 ක කාලයක් ජපානයේ යොකොහමා මුහුදු සීමාවේ රඳවා තිබෙන සුපිරි මගී ප්‍රවාහන නෞකාවේ සිටින තවත් 41 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ අනුව එම නෞකාවේ 61 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි මේවනවිට තහවුරු වී ඇත්තේ.

එම සංඛ්‍යාව ද සමගින් ජපානයෙන් මේවනවිට හදුනා සිටින මුලු කොරෝනා ආසාදිතයින් ගණන 86 ක්. චීනයට පසු වැඩිම නව කොරෝනා ආසාදිතයින් ගනනක් හමුවු පලමු රට ද ජපානය වනවා. මගීන් 2700 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,000 සිටින එම නෞකාවේ ගමන් ගත් 80 හැවිරිදි පුද්ගලයෙකුට පලමුව වෛරසය ආසාධනය වී තිබුනා.

කෙසේ වෙතත් එම නෞකාවේ ඖෂධ මේ වනවිට හිඟ වෙමින් ඇති බැවින් ගොඩබිම සිට නෞකාව වෙත ආරක්‍ෂිත ඖෂධ සපයන බවයි වාර්තා වන්නේ. තමන් මුදා ගන්නැයි නෞකාවේ සිටින බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු යුවලක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඍජුව ඉල්ලීමක් කර ඇති බවද සදහන්.