Saturday, May 11, 2024

General line - 0115112241

කොරෝනා මර්ධනය අතර වාරයේදී චීන රජය "මරණ දඬුවම" ලබාදෙන්න සුදානම් වෙයි : අපරාධ 07ක් ලැයිස්තුගත කරයි 




නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන වුහාන් ප්‍රාන්තයේ වැසියන් චීන සොල්දාදුවන් විසින් නිවෙස් වලට බලෙන් ඇතුල්වී රෝහල් කරා රැගෙන යන බව වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ ආරක්‍ෂිත ඇඳුම් පැළදි හමුදා සෙබළුන් හා සෞඛ්‍ය අංශ සේවකයින් නිවෙස්වල සිටින වැසියන් කොරෝනා වෛරසයට ගොදුරුව ඇතයි පවසමින් බවයි.

මේ අතර ඊයේ දිනයේදී චීන මධ්‍යම රජය විසින් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කලේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සැකකටයුතු රෝගීන් සිටිනම් ඔවුන්ව වහාම අත්අඩංගුවට ගෙන නිරෝදාන මධ්‍යස්ථානයන් වෙත යොමු කරන ලෙසයි.

මේ අතර කොරෝනා වෛරසය මර්ධනය වෙනුවෙන් දියත් කර ඇති වැඩපිළිවෙල කඩාකප්පල් කරන හා ඊට බාධා කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන ලෙස චීන රජය එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.

නිතී උල්ලංඝණය කරනු ලබන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට සහ ඉක්මන් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි චීන මධ්‍යම රජය දැනුම් දී ඇත්තේ. 

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකට අනුව අපරාධ වර්ග 07ක් ලැයිස්තු ගත කර ඇත.

1. වෛද්‍ය නිලධාරින්ට හිතාමතා පහරදීම්, තුවාල සිදුකිරිම සහ ඝාතනය කිරීම.
2. වෛද්‍ය නිලධාරීන්ගේ ස්වාධිනත්වයට සහ නිදහසට බාධා කිරීම.
3. වෛද්‍ය නිලධාරින්ගේ ආරක්‍ෂිත ඇඳුම් ඉරා දැමීම සහ කොරෝනා වෛරසය ආසාධනය කරලීම සඳහා ඔවුන්ගේ මුහුණට කෙළ ගැසීම.
4. ප්‍රචණ්ඩත්වය, තර්ජනය කිරිම, රෝගයෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරූ බැහැර කිරිමේදී අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන්ට එරෙහිවීම, නිරෝදාන ක්‍රම වේදයන් සහ ලබා දෙන ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරිම.
5. වෛද්‍ය සහ නිරෝදාන මධ්‍යස්ථාන වලට බාධා සිදුකිරිම. 
6. වෛරසෙන් මියගිය පුද්ගලයින් ගේ අවමංගල්‍ය උත්සවයන් නීතියට පටහැනි ලෙස පැවැත්වීම.
7. නීතිවිරෝධී අයුරින් ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගැනීම. අවි ආයුධ, විෂ සහ විකිරණශීලි සහිත ද්‍රව්‍යයන් රැගෙන රෝහල් තුලට පැමිණීම.

මෙම අපරාධයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව ඉක්මන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහ දඬුවම් පැමිණවීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇතැම් වරදවල් සඳහා දඬුවම මරණ දඬුවම විය හැකි බවයි එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.